අපට, ඔබගේ සියළුම ව්‍යාපාර හා පෞද්ගලික අවශ්‍යතා සඳහා වෙබ් අඩවි නිර්මාණය කිරීමට සහ යෙදවීමට හැකිය. SEO තාක්ෂණය සහ අත්දැකීම් පිළිබඳ දැනුම සමඟින් අපගේ තාක්ෂණික කුසලතාද සමඟ සරල වෙබ් අඩවියක් හෝ සමාජ ජාලයක් සමඟ සම්බන්ධ වී ඇති අන්තර්ජාල ජාල වෙළද සැලක් ආදී ඕනෑම ඔබගේ අන්තර්ජාල අවශ්‍යතා අපගෙන් සාක්ෂාත් කර ගත හැක.
අපි පහත දෑ විශේෂීකරණය කරන්නෙමු:
වෙබ් අඩවි තැන්පතු සහ දත්ත සැපයුම් සේවා සැලසුම් පූර්ව නිර්මිත සේම ඔබගේ දර්ශනයට සීමා රහිත ක්‍රියාකාරිත්වයක් ලබා දෙයි. Cloud flare සහ SSL වැනි සේවා එක්කොට නිරතුරු පවත්නා වූ ද ආරක්ෂිත වූ ද සේවාවක් වෙනුවෙන් ඇප කැප වෙමු. සුදුසු වෙබ් අඩවි ධාරක සේවා සැලසුමක් සඳහා දැන් විමසන්න.
ඔබගේ වෙබ් අඩවි සහ අන්තර්ජාල සේවාවන් නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට නඩත්තු සේවා සපයන්නෙකු අවශ්‍ය වේ. අඩුපාඩු සැකසීම, ආරක්ෂිත ප්රතිෂ්ථාපනයන් සිදු කිරීම, සංස්කරණ යාවත්කාලින කිරීම සහ අන්තර්ගතයන් යාවත්කාලීන කිරීම ඇතුළු අනෙකුත් tweeks යන ආදිය අප සපයන සේවාවන් වේ. වැඩිදුර තොරතුරු සදහා අප හා සම්බන්ධ වන්න.
අපගේ මෘදුකාංග විසදුම්, හස්ත කාර්යයන් ස්වයංක්‍රියකරණය කිරීම සහ පවතින ස්වයංක්‍රීය කාර්යයන් ප්‍රතිනිර්මාණය කිරීම තුළින් කාර්යක්ෂමතාව හා වඩා හොඳ ප්‍රතිපල ඇති කර ගැනීමට ඔබගේ ව්‍යාපාරයට ආදාර වේ. දැරිය හැකි මිල ගණන් වලට, ඔබගේ අවශ්‍යතා තත්වාකාරයෙන්ම ඉහළ ප්‍රමිතියක් සහිතව අපගෙන් සම්පාදනය කරගත හැක. පමා නොවන්න. අප ඇමතීමෙන් හෝ විද්‍යුත් තැපෑල මගින් ඔබ අවශ්‍යතා ඉදිරිපත් කරන්න.
mobile app වලට තොරතුරු පද්ධති ගෙනයෑම කවදාවත් වැරදි නැත. ඇයි? අද තියන අනාගතය - ස්මාර්ට් ෆෝන්, ටැබ්ලට් සහ වෙනත් ස්මාර්ට් උපාංගයන් භාවිතා කරන දහස් සංඛ්‍යාත ජනයා වෙත ඔබ සේවා මෙමගින් ගෙනයා හැක. Android සහ IoS මගින් දේශීය හා විදේශීය පාරිභෝගිකයින් වෙත ගොස් තරඟකාරී ව්‍යාපාරික පරිසරය තුළ ජය ගැනීමට ඔබට හැකි වනු ඇත. ඔබේ පාරිභෝගිකයින්ට නවෝත්පාදනයන් සමගින් ඔවුන්ගේ සේවා පහසුව සඳහා ඔබ පෙරමුණ ගන්නා බවට මෙය සහතික වේ.
ඉංජිනේරු විද්‍යාව සමඟ resistors, diodes, transistors, logic gates, flash memories,chips මත ගොඩනගන ලද පද්ධති යොදාගෙන, ඔබගේ අවශ්‍යතාවය කුමක් වුවත් එය නිර්මාණය කර දීම සඳහා අප ඇප කැප වී ඇත.
Embedded පද්ධති වලට, bits සහ bytes මට්ටමේ දී ඔබේ සමාගම අන්තර්ග්‍රහණය කිරීමට සහය දිය හැකිය. Modbus, RS323, Ethernet, USB සහ තවත් බොහෝ සන්නිවේදන ports, ඔබගේ ERP සහ අනෙකුත් කළමනාකරණ පද්ධති සමඟ සම්බන්ධවීමට, රොබෝවරු සහ කාර්මික පද්ධතිවල ආයෝජනය සමඟ අන්තර් සම්බන්ධවීමට ඉඩ සලසයි.
ඔබට දෘඩාංග විසදුම් පමණක් නොව,ඒවා මත කි‍්‍රයාකරන සේවා සම්පාදක හෝ සේවා පරිශීලක මෘදුකාංග ගොඩනැගීමට වුවද අප සතුව හැකියාව ඇත. මෙැවැනි මෘදුකාංග C/C++/Java හෝ අවශ්‍යතාවයට සරිලන පරිඝනක භාෂාවකින් ගොඩනගා ගත හැක. මෙවැනි මෘදුකාංග හා දෘඩාංග එක්ව කි‍්‍රයාකිරීම තුළින් පාරිසරික දත්තයන්, සේවා සපයන යාන්ති‍්‍රක කි‍්‍රයාවලියන් පිළිබද දත්තයන් හෝ ඔබගේ විශ්ලේෂණයන් සදහා අවශ්‍ය වන වෙනත් ඕනෑම දත්තයන් ඒ සදහාම වෙන්වු වෙබ් සේවවාක් හරහා ඔබව දැනුවත් කිරීමේ හැකියාවක් පවතී. විශ්ලේෂණය සදහා පමණක් නොව ඔබට රිසි පරිදි එම තත්වයන් පාලනය කිරීමේ හැකියාවද මෙවැනි දෘඩාංග හා මෘදුකාංග සංයුතියෙන් නිමවු පද්ධතියකට ලබාදීමේ හැකියාව ඇත.
IoT තමයි අනාගතය.වාර්තාකරණයට සහ විශ්ලේෂණ සඳහා, ඔබට විශාල පරිමාණයේ දත්ත වලට ප්රවේශයන් ලබාදෙමින් IoT සංවේදක පරිගණක සමඟ සම්බන්ධ කර ඔබගේ උපකරණ ක්‍රියාත්මක කළ හැකිය.
දත්ත කළමනාකරණය කිරීම ප්‍රවේශමෙන් කළ යුතු දෙයක් වේ. විශේෂයෙන් නව දෘෂ්ටීන් උත්පාදනය, රළු වෙළෙඳපොළක් තුළ සැරිසැරීමට උදව් වන සැඟවුණ ප්රවණතා දැකීම වැනි අතිශය වැදගත් අවශ්‍යතා සපුරාලයි. නිවැරදි ඇල්ගොරිතම භාවිතා කරමින් ප්‍රථිපල ලබාදිය හැකි නිවැරදි ව්‍යාපාරික බුද්ධි කණ්ඩායම ඔබට දැන් හමුවී ඇත. ET සතුව ආයතනය තුළම දත්ත පාදක විශේෂඥයන් සිටින අතර මෙය නිවැරදිව සිදුකිරීමට අපි ප්රමුඛ පෙළේ දත්ත විද්‍යාඥයන් හා සම්බන්ධීකරණය වන්නෙමු. NoSQL, SQL RDBMs, Elastic search යනු ඔබ වෙනුවෙන් අපට ක්‍රියාත්මක කළ හැකි දත්ත ගබඩා කිහිපයක් වේ.
IOT PCB නිර්මාණය සහ ඉංජිනේරුකරණය තුළ කලාපීය පුරෝගාමින්ගෙන් කෙනෙක් වෙමින්, ET, මෙම නැවුම් තාක්ෂණය තුළ අද්විතීය ජීවමිතික කාලානුරූප පැමිණීම් හා පිවිසුම් පාලක උපාංගය සෑදුවේය. මෙහි දත්ත විශ්ලේෂණයට Cloud HRIS (අන්තර්ජාල මානව සම්පත් කළමනාකරණ පද්ධතිය) එකක් පවතින අතර ඕනෑම ව්‍යවසායකයෙකුගේ අතිශය වටිනා සම්පත වන එහි මානව සම්පත් සීමාරහිතව කළමනාකරණය කිරීමට ඉඩ ලබා දෙයි. සේවක තොරතුරු කළමනාකරණය කිරීම, වැටුප්, නිවාඩු, රාජකාරී කාල මාරුවීම් සහ ආයතන සමූහයක වුවද දත්ත කළමනාකරණය කළ හැක. API තාක්ෂණය මගින් තෙවන පාර්ශවික HR පද්ධති සමග වුවත් Eye360 දත්ත හුවමාරු කරගත හැකිය. තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ තථ්‍ය කාලීන පැමිණීම් සටහන් සඳහා SIM GPRS/ Broadband දත්ත සේවය මගින් අන්තර්ජාලයට හෝ VPN හරහා යැවීමත්, DHCP සහිත බැවින් ඉක්මනින් ස්ථපනය කරහැකි වීමයි.
CLOUD POS භාවිතා කිරීමට පහසු පද්ධතියකි, මෙය සම්පූර්ණයෙන්ම Cloud විකුණුම් සේවා කළමනාකරණ විසදුමකි. cloud/අන්තර්ජාල ගබඩා මත දත්ත පවත්වා ගෙන යනු ලබන අතර විකිණුම් සිදු කරන්නේ touchscreen tablet පරිගණක භාවිතයෙන්ය. මෙහි විශේෂත්වයක් වන්නේ අන්තර්ජාල නොමැති අවස්ථාවලදී පවා විකුණුම් කල හැකි වීමයි.
විකුණුම් අතුරු මුහුණතෙහි චිත්‍රක මේනු සැලැස්ම භාවිතා කිරීමට පහසු වන අතර, barcode හෝ QR කේත හෝ අනුක්‍රමික පිවිසුම භාවිතා කර ඉක්මන් භාණ්ඩ තෝරාගැනීමකට ඉඩ ලබා දේ. අන්තර්ජාල සම්බන්ධතා සමහර අවස්ථාවලදී අනාරක්ෂිත විය හැකි අතර CLOUD POS සම්බන්ධතාවයකින් තොරව ඉතා හොඳින් වැඩ කළ හැකි අතර නැවත වරක් සම්බන්ධතාවය ලැබුණු පසු ස්වයංක්‍රීයව විකුණුම් දත්ත sync කර ගනී. CLOUD POS මගින් ඔබේ සැපයුම්කරුවන්ට සෘජුව සම්බන්ධ කිරීම මගින් මිලදී ගැනීමේ ඇණවුම් ස්ථානගත කිරීම (PO) ද අනාකූලව සකස් කර දෙයි. ඔබට හස්ත කාර්ය ප්‍රමාද දෝෂයන් වළක්වා ගැනීමට ස්වයංක්‍රීය ලෙස යැවෙන මිලදී ගැනීමේ ඇණවුම් කාර්ය සටහනක් පවා සකසා ගත හැකිය. cloud පාදක කරගත් POS විසඳුමේ තවත් සුවිශේෂී වාසියක් වන්නේ, ව්‍යාපාර හිමිකරුවෙකුට තනි යෙදුම් පිවිසුමක් භාවිතයෙන්, කුරුලු ඇසට පෙනෙන සේ වෙළඳසැල් කිහිපයක් නිරීක්ෂණය කිරීමට හැකිවීම සහ එමඟින් එක් වෙළඳසැලක් තෝරාගෙන එහි සිදුවී ඇති දෑ විස්තරාත්මක විකුණුම් වාර්තා ලෙස බැලීමට හැකිවීමයි. බලා නොසිටින්න, නවතම තාක්ෂණ අංගයන්ගෙන් පිරුණු සිත් අලවන ලක්ෂණ කළඹින් යුත් තොග - විකුණුම් කළමනාකරණ Cloud POS විප්ලවය හා දැරිය හැකි මාසික සැලසුමක් යටතේ එක්වන්න.
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේස්ත්‍රය කැළඹු නවතම බලවේගය Ayubo.lk වේ. හෝටල් සහ වෙනත් නවාතැන් වෙන් කිරීම්, වාහන ටැක්සි සේවා, භාවිතයන් හා පූර්ව නිශ්චිත සංචාර පැකේජ, රාෆ්ටිං හෝ පාපැදි වැනි සංචාරක ක්‍රියාකාරකම් වෙන් කිරීම සහ විචක්ෂණශීලී සංචාරකයා වෙත තවත් බොහෝ සේවාවන් සපයයි.